• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පිළියන්දල වෙඩි ප්‍රහාරයට මැදිව මියගිය දැරියගේ පවුලට ජනපති අතින් මුදල් පරිත්‍යාගයක්

He news 2017 8 9මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගී වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට පසුගියදා පිළියන්දලදී එල්ල වූ වෙඩි ප්‍රහාරයට මැදිව මිය ගිය දැරියගේ දෙමව්පියන් ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.


පසුගිය මැයි 09 වන දා පිළියන්දල, මොරටුව පාරේදී එල්ල වූ මෙම සාහසික වෙඩි ප්‍රහාරයට මැදිව තම පියාගේ වෙළෙද සැළ අසළ සිටි  11 හැවිරිදි සමාධි රංසිකා දියණිය ජීවිතක්ෂයට පත්වූ අතර ඇයගේ වැඩිමහල් සොහොයුරා වන 17 හැවිරිදි සදීප රුක්ෂාන් සහ ඇගේ බාල සොහොයුරිය වන 08 හැවිරිදි සෙනුරි පතිරණ දැරිය ද තුවාල ලැබීය.


සමාධි රංසිකා දියණියගේ දෙමව්පියන් සහ සහෝදරයන් දෙදෙනා අද මෙලෙස හමු වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ සුවදුක් විමසූ අතර අදාළ සිදුවීම පිළිබඳව සිය දැඩි කනගාටුව ප්‍රකාශ කළේය.


තුවාල ලැබූ දරුවන් දෙදෙනාගේ ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර කටයුතු පිළිබඳව ද විමසා බැලු ජනාධිපතිතුමා ඔවුන්ගේ පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් ද සිදු කරනු ලැබීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.