• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ තේ වෙළෙඳුන්ගේ සම්මේලන නියෝජිතයින් ජනපති සමග තේ පැන් සංග‍්‍රහයක

He presidentවසර පහකට වරක් ශ‍්‍රී ලංකාවේදී සංවිධානය කෙරෙන කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනය සඳහා සහභාගිවීමට පැමිණි කොළඹ තේ වෙළෙඳුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ තේ වැවිලිකරුවන් ඊයේ(09)  පස්වරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේදී ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග තේ පැන් සංග‍්‍රහයකට එක් විය.


මෙවර කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ සමාරම්භක උත්සවය අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අතර, සමුළුව ඉදිරි දෙදින පුරා කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වෙනු ඇත. මෙම සමුළුවට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයට සම්බන්ධ විදේශීය තේ ව්‍යාපාරිකයින් 200 කට ආසන්න ප‍්‍රමාණයක් දිවයිනට පැමිණ ඇත.


සමුළුව සඳහා සහභාගිවීමට පැමිණි දෙස් විදෙස් තේ ව්‍යාපාරිකයින් ජනාධිපතිතුමා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, තේ වෙළෙඳුන්ගේ සම්මේලනය විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබිණි. ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඉතිහාසය අළලා ලියැවුණු පර්යේෂණ ග‍්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.


වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, කොළඹ තේ වෙළෙඳුන්ගේ සම්මේලනයේ සභාපති ඇන්ස්ලම් පෙරේරා, 2017 ජාත්‍යන්තර කොළඹ තේ සම්මේලනයේ සභාපති මයිකල් ද සොයිසා ඇතුළු දෙස් විදෙස් තේ ව්‍යාපාරිකයින් සහ වැවිලිකරුවන් විශාල පිරිසක් මෙම හමුවට එක් විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.