• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් පිරීමේ විද්වත් හමුව ජනපති ප්‍රධානත්වයෙන්

 
He news 2017 8 9 1චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (09) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංවිධානය කෙරුණු විද්වත් හමුවක්  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  


චීන – ශ්‍රී ලංකා තානාපති සබදතාවලට හැට වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වන ලද තරගවල ජයග්‍රාහක සිසු සිසුවියන්ට තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් සපිරීම නිමිත්තෙන් පළ කරන ලද සමරු ග්‍රන්ථය  ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සභාපති අමරදාස ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.


ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එඩ්වින් ආරියදාස, නිහාල් රොද්‍රිගෝ, බර්නාඩ් ගුණතිලක යන මහත්වරුන් ද මෙම විද්වත් හමුව ඇමතීය.


ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැං  මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.