• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සුසාන භුමි පරිපාලනය පළාත් සභාවේ වගකීමකි

Hon rejinold kureයාපනයේ පුතූර් ප්‍රදේශයේ මසකට අධික කාලයක් පුරා සත්‍යග්‍රහයක යෙදී සිටින පිරිසකගේ සුසාන භූමිය පිළිබඳ ව ගැටලු ව පිළිබඳ ව සාකච්චාවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(09) දින සාකච්චාවට ගැනිණ.


ජනාකීර්ණ ප්‍රදේශයක් මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන සුසාන භූමියක් නිසා එහි ආදාහනය කරනු ලබන මෘත දේහ වලින් පිටවන දුමාරය හා දුර්ගන්ධය ප්‍රදේශ වාසීන්ට ඉතා අහිතකර තත්ත්වයක් මතුවී ඇත.


මෙම සුසාන භුමිය පාලනය කරනු ලබන්නේ පුද්ගලික සුසාන භුමි පාලන කමිටුවක් විසිනි. ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය නොතකා එය පවත්වාගෙන යාමට දරන උත්සාහය අරගලකාරී තත්ත්වය කෙලවර වුයේ සුසාන භුමිය අවට තාප්පය කඩා බිද දැමීමෙනි. 30කට  අධික පිරිසක් බන්ධනාගාර ගත වීමෙනි.


මේ පිළිබඳ ව අධිකරණය මගින් ලබා දුන් තීන්දුව වන්නේ සුසාන භුමිය වටා උස තාප්පයක් ඉදිකිරීමට සහ අඩි 10ක් උස දුම් කවුළුවක් සහිත ගෑස්  ආදාහනාගාරයක් ඉදිකිරීමට. එයට වියදම් වන රුපියල් මිලියන 7ක මුදල ආදාහනාගාර කමිටුව විසින් දැරිය යුතුවේ.

මෙම තීරණයට ගම් වැසියන් එකඟ නොවූ අතර, ඔවුන් පවසා සිටින්නේ එම සුසාන භුමිය එතනින් ඉවත් කල යුතු බවත්, ඊට ආසන්නයේ පිහිටා තිබෙන අක්කර හතර හමාරක  පමණ විශාල භුමිය ඒ සියල්ලට ම ප්‍රමාණවත් බවත්ය.


සුසාන භුමි පරිපාලනය නීත්‍යානුකුල අයිතිය වන්නේ පළාත් පාලන ආයතන වලටයි. උතුරු පළාතේ උද්ගත වී ඇති මෙම ආරවුලට විසදුම් ලබා දිය යුත්තේ පළාත් පාලන ආයතන, එම කොමසාරිස් හා උතුරු පළාතේ පළාත් පාලන අමාත්‍යාංශය මගිනි. 


එම ගැටලුව විසඳිය හැක්කේ පළාත් පාලන ආයතනයට බැවින් ඇති වී ඇති ගැටලුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා දැනුම් දෙන ලදී.


මෙම අවස්තාවට පළාත් පාලන කොමසාරිස් පැට්‍රික් නිරන්ජන්, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභා ලේකම්, ග්‍රාමසේවක, නීතීඥ කදිරගාමනාදන් හා පුරවැසි සංගමයේ නායක සෝදුවේල් යන අය සහභාගීවූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.