• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජගත් ආදීවාසී දිනය දඹාන කොටබකිනිය ගම්මානයේදී සැමරේ

weddhaලෝක ආදිවාසී දිනය වෙනුවෙන් 09 (ඊයේ) දඹාන කොටබකිනිය, මොරබැද්ද වනගත භූමියක “ලෝක ආදිවාසී දින සැමරුම“  රාජ්‍ය අනුග්‍රහයෙන් අමාත්‍යාංශ හතරක දායකත්වයෙන් උත්සවශ්‍රියෙන් පැවැත්විය. 



මෙම උත්සවය සැමරීම සදහා නිල්ගල, රතුගල, පොල්ලෙබැද්ද, දළුකාන, හෙනානිගල, වාකරේ, වැනි ආදිවාසි ගම්මානවල  ආදිවාසී කණ්ඩායම් රැසක් පැමිණ සිටියහ.



හිටපු ආදිවාසී නායක ඌරුවරිගයේ තිසාහාමිලා ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දක්වා උත්සව කටයුතු ආරම්භ කරනු ලැබු අතර මධ්‍යම සංස්කෘතිත අරමුදල මගින් ප්‍රතිසංස්කරනය කරන ලද ආදිවාසී “වෙද පියස“ විවෘත කිරිම ආදිවාසි වන්නිලා ඇත්තන්ගේ සුරතින්  සිදු කරන ලදී. ඉදිකර තිබු වෙද පියස පසුගිය කාලය පුරා ගරාවැටි තිබීම හේතුවෙන් ප්‍රතිසංස්කරණය කෙරිණ. ඒ සඳහා රුපියල් මිලියන 1.2ක් වැය කර ඇත.


ඉන්අනතුරුව කොටබකිණිය, මොරබැද්ද වන රොද මැද පැවති උත්සවයේ ආදිවාසී ගීතය හා ජාතික ගීත ගායනා කිරීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කෙරිණ. 


ආදිවාසින්ගේ වගකීම රජයේ අමාත්‍යංශයකට බාරදිය යුතු බව ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ලෝක ආදිවාසී දිනය නිමිති කරගනිමින් දඹාන කොටබකිනිය ගම්මානයේ පැවති උත්සවය අමතමින් පැවසීය.


ශ්‍රී ලංකාවේ ආදිවාසින් වෙන රටවල ආදිවාසින් මෙන් ජාත්‍යන්තර සංවිධාන හරහා රජයන් අපහසුතාවට පත් කිරීමට කටයුතු නොකරන බවත්, රජය මේ පිළිබඳ ව තේරුම්ගෙන ඒ අනුව කටයුතු කළ යුතු බවද වන්නිලැ අත්තෝ වැඩිදුරටත් පැවසීය.


ආදිවාසීන්ට උරුම වූ විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් උත්සව සභාව කුල්මත් කළ අතර මෙ වන තෙක් විවාහ ලියාදිංචි නොකර සිටි අඹුසැමි යුවල පස්දෙනෙකුගේ විවාහ ලියාංපදිංචි සහතික පත් ලබාදීමද සිදුවිය.


ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් විසින් වරිග සභාවේදි ගත් තීරණ  හා ඉල්ලීම් ඇතුලත් සන්දේශය මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන මහතාට බාර දෙන ලදි.



මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර එම් පි ජයසිංහ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, මධ්‍යම සංස්කෘතිත අරමුදලේ අධ්‍යක්ෂක මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, මහියංගන ප්‍රාදේශිය ලේකම් නිමල් දිසානායක යන මහත්වරු  ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.