• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නවීන තාක්‍ෂණයට ගැලපෙන ධීවර වරායන් ඉදිකරනවා - ධීවර රාජ්‍ය ඇමැති

Hon Deleep wedaarachchi news 2017 8 11මෙරට ධීවර කර්මාන්තයේ අනාගත ඉලක්ක ජයගතහැකි ලෙස බහුකාර්ය ධීවර වරායන් සැලසුම් කර ඉදි කළ යුතු බවත් නවීන තාක්ෂණයට ගැළපෙන වරායන් ඉදිකිරීමට අපේක්ෂා කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මහතා පැවසීය .

 



යෝජිත බහුකාර්ය ධීවර වරායන් 04 ට අදාළ මුලික ශක්‍යතා අධ්‍යනයේ නිරත කොරීයානු ධීවර අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායම පසුගියදා හමු වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  


චලෙයි ,මාදගල් .ඩෙල්ෆ් , උඩප්පුව  යන ප්‍රදේශවල මෙම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට සැලසුම් කෙරෙන අතර රාජ්‍ය අමාත්‍යරවයා කොරියාවේ සිදු කළ නිල සංචාරයේදී ඒ සඳහා තාක්‍ෂණය සමඟ මුලික  පාරිසරික ශක්‍යතා අධ්‍යනය නොමිලේ කොරියාව විසින් සිදුකරදීමට එකඟත්වය පළ කර තිබේ.


මෙම බහුකාර්ය ධීවර වරායන් සංචාරක , ධීවර හා වාණිජ ඉලක්ක එකවර ජයගැනීම අරමුණු කර ඉදිකිරීමට සැලසුම් කර ඇත . 

 

මෙම සාකච්ජාවට රාජ්‍ය ලේකම් අබ්දුල් මජිඩ් මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්  පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.