• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු දස දහසක් ප‍්‍රදානය අද සහ හෙට දෙදින ජනපති ප‍්‍රධානත්වයෙන්

He presidentමහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ වලව කලාපයේ ගොවි ජනතාවට සහ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම අද (11) සහ හෙට (12) යන දෙදින ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.


මහවැලි ජනපදිකයින් දිගුකලක් තිස්සේ මුහුණ පා සිටින ගැටලුවකට විසඳුම් ලබාදෙමින් එකවර වැඩිම පිරිසකට නිරවුල් ඉඩම් ඔප්පු ප‍්‍රදනය කෙරන අවස්ථාව මෙය වන අතර වලවේ කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක් ප‍්‍රදානය කිරීම අද (11) වනදා පෙ.ව 10.00 ට ඇඹිලිපිටිය ගම්උදාව කි‍්‍රඩාංගණයේදී ද, මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක් ප‍්‍රදානය කිරීම ‍හෙට (12) වනදා පෙ.ව 10.00 ට තලාව ප‍්‍රාදේශීය සභා කි‍්‍රඩාංගණයේදී ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.


සෑම ශී‍්‍ර ලාංකිකයෙකුටම තමන්ට කියා ඉඩමක හිමිකම හා නිවසක උරුමය හිමිකරදීමේ ප‍්‍රතිපත්තියට අනුව ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මහවැලි ජනපදිකයින් උදෙසා මෙම ඉඩම් ඔප්පු ප‍්‍රදානය සිදු කරනු ලබන අතර ඔවුන්ට තම ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම ආර්ථික සමෘද්ධිය ළගා කර ගැනීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇත.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.