• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කහව, ගල්දූව මාර්ගය සංවර්ධනය කෙරේ

Hon gayantha news 2017 8 14දීර්ඝ කලක සිට විධිමත් පරිදි සංවර්ධනයකට ලක් නොවුනු බවට පැවති රජයන් වෙත ජනතා චෝදනාව එල්ලවූ කහව, ගල්දූව මාර්ගය සම්බන්ධව පැවති දුෂ්කරතා සියල්ලට විසඳුම් ලබාදෙමින් කිලෝමීටර් 1.9ක පමණ දුරක් කාපට් අතුරා සංවර්ධනය කෙරේ.



ඒ සඳහා වැයකල මුදල රුපියල් ලක්ෂ 180ක් පමණ වේ.


ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සිය පුර්ණ අවධානය මෙම මාර්ගය වෙත යොමුකොට දකුනු පළාතේ කඩිනම් සංවර්ධනයකට ලක්කල මාර්ග 66 අතරට මෙම කහව, ගල්දූව මාර්ගය ඇතුලත් කිරීමට මැදිහත්වීම මත මෙම ව්‍යාපෘතියෙන් ජනතාවට ප්‍රතිලාභ හිමිව තිබේ.



මෙම මාර්ගය ජනතා අයිතියට පත්කිරීම  ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිනි. එම අවස්ථාව සඳහා ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ඇතුලු විශාල පිරිසක් එක්වූහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.