• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනමාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණය විය යුතුයි - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Ranga kalansooriyaසියලු ක්ෂේත්‍රයන් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින් වර්තමාන සමාජයේ මාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණයට බඳුන් විය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිඹිමුව මාධ්‍ය විය යුතු යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවසීය.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි. මෙහිදී පාඨමාලාවන් 07කට අයත් 275දෙනෙකු වෙනුවෙන් සහතික පිරිනැමිණි.


ලෝක විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ජනමාධ්‍ය පාඨමාලා සියල්ල සම්ප්‍රදායික මාධ්‍යවලින් නව මාධ්‍යවලට වෙනස් වෙමින් පවතින බවත්, මේ වන විට 24%ක් පමණ දෙනා අන්තර්ජාලය හරහා ප්‍රවෘත්ති ලබාගැනීම සිදුකරන අතර ම එම ප්‍රමාණය දෙගුණවීම වැඩි ඈතක නොවන බවත් පෙන්වා දෙයි.



ලෝකයේ වෙනස්වීම ඉතා සීඝ්‍රයෙන් සිදුවන අතරම එයට සරිලන ආකාරයෙන් ප්‍රවෘත්ති ලබාදීමට අරගලයක් කළ යුතු අතර ම කිසිම වෘත්තීය ක්ෂේත්‍රයක් තුළ නොමැති අකාශයක් ජනමාධ්‍ය ක්ෂේත්‍රය සතුව පවතින බවත් කීය.



ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුළුණ වශයෙන් මාධ්‍ය හැඳුන්වූවද ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේ ද මාධ්‍යය තුළ බවත්, වෘත්තීය භාවය, ආචාර ධර්ම පිළිබඳ ව මාධ්‍යවේදියා දැනුම්වත් කළඳ ආයතන ප්‍රධානීන් ඒ පිළිබඳ ව දැනුම්වත් නොකිරීම නිසා ප්‍රවෘත්ති කාමරය තුළ ද ප්‍රධානීන්ට යටත්වීමට සිදුවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා  පෙන්වා දුන්නේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.