• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ

defence news 2017 8 16දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (National Defence College, Dhaka, Bangladesh) නිලධාරින් පිරිසක් පසුගියදා (14) ආරක්‍ෂක අමාත්‍යංශයේ සංචාරයක නිරත විය.


ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පැවති සාකච්ඡාව සඳහා බංගලාදේශ යුධ හමුදාවේ මේජර් ජෙනරාල් එස්.එම් ශෆියුද්දීන් අහ්මඩ් (Mejor
General Shafiuddin Ahmed ndu psc ) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 21 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ ත්‍රිවිධ හමුදා,  පොලිස් සහ සිවිල් පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් සහභාගවී සිටියහ.



එම පිරිස සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර සාකච්චාවක් පැවැත්වූ අතර එහිදී ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙන් හමුදා සම්භන්ධතා නිලධාරි මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර් රණවක මහතා අමාත්‍යංශයේ කාර්යභාරය සහ ආයතන ව්‍යූහය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකල අතර ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (The Institute of National Security Studies of Sri Lanka - INSSSL) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු තානාපති නිහාල් රොඩ්රිගෝ මහතා සහ මේජර් ජෙනරාල් ආර්.ඒ නුගේරා මහතා විසින් “ආගමික අන්තවාදය, ස්වාභාවික ව්‍යසන සහ සයිබර් ආරක්‍ෂණය ඇතුලු දකුණු ආසියාතික රට වලට බලපාන අවදානම් සාධක දහයක් ” පිළිබඳ ව (The briefing consisted of ten risk factors affecting the South Asian Nations including religious extremism, natural catastrophes, and cyber security) පදනම් කර ගනිමින් “ආසියාවේ ගෝලීය අභියෝග” මැයෙන් (Global Challenges to South Asia”) ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.


මේ හමුව අවසානයේ දෙරටේ සුහදතාව වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) සරත් කුමාර මහතා සහ මේජර් ජෙනරාල් එස්.එම් ශෆියුද්දීන් අහ්මඩ් මහතා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.