• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“NSB i Saver” හඳුන්වාදීම ජනපති ප‍්‍රධානත්වයෙන්

He news 2017 8 16ශී‍්‍ර ලාංකික ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ එය නව තාක්ෂණය සමඟ මුසු කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශී‍්‍ර ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව නිර්මාණය කරන ලද “NSB i Saver” සේවාව දියත් කිරීම ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ කොළඹ ජාතික ඉතිරිකිරීමේ බැංකු ප‍්‍රධාන ශාඛා පරිශ‍්‍රයේදී සිදු විය.


“NSB I Saver” සේවාව ඩිජිටල්කරණයේ නවතම අත්දැකීමක් වන අතර දිවයින පුරා පිහිටි 16,000කට අධික මොබිටෙල් mCash නියෝජිත මධ්‍යස්ථානයන් ඔස්සේ NSB I Saver සේවාව හරහා ඕනෑම වේලාවක පහසුවෙන් සිය මුදල් ජාතික ඉතිරිකිරීමේ බැංකු ගිණුමේ තැන්පත් කිරීමට මෙමගින් හැකියාව ලැබේ.


අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, හරීන් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.