• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කරන ලද තවත් ඉඩම් කොටසක් නැවත රජයට සහ එහි මුල් හිමිකරුවන්ට

landකිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි හමුදා ජනපදය - Kilinochchi Cantonment ) සහ ආරක්‍ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ ඒකක විසින් භාවිත කරන ලද බිම්කොටස් පහකට අයත් අක්කර 2332 රූඩ් 01යි පර්චස් 25.2 ක භූමි ප්‍රමාණයක් නැවත රජයට භාර දීම පසුගියදා(අගෝ 15) දින සිදුවිය.


ඒ අනුව, එම බිම කොටස් 05 අතුරෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය මෙතෙක් භාවිත කරන ලද බිම් ප්‍රමාණයෙන් අක්කර 2290ක් රුඩ් 03ක් සහ පර්චස් 17.6 ක ප්‍රමාණයක් මුලතිවූ දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් වනජීවී කාර්යාලයට භාර දී ඇති අතර, තවත් අක්කර 02යි රූඩ් 01 ක් සහ පර්චස් 17.6 ක ප්‍රමාණයක් කිලිනොච්චි දිස්ත්‍රික් වනජීවී කාර්යාලය වෙත ද, ඉතිරි බිම් කොටස් දෙකක් එනම් අක්කර 38 රූඩ් 01ක් සහ පර්චස් 05ක ප්‍රමාණයක් පෞද්ගලික හිමිකරුවන් වෙත භාරදීමට කන්දාවේලි ප්‍රාදේශීය ලේකම් වෙත භාරදී ඇත. ඉතිරි බිම් කොටස වන රූඩ් 03යි පර්චස් 25 භූමි ප්‍රමාණය කරච්චි ප්‍රාදේශීය ලේකම් වෙත භාර දී ඇත.


මෙයට පෙර අවස්ථා ගණනාවකදීම යුධ හමුදාව (ආරක්‍ෂක හමුදාවන්) භාවිත කරන ලද ඉඩම් නැවත රජයට මෙන්ම ඒවායේ මුල් හිමිකරුවන් වෙත ලබාදීම සිදු කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.