• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගුවන් සමාගම ලෝක ළමා දිනයේ දී සිහින සැබෑ කිරීමේ වැඩසටහනක

airlankaශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රජා සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් එක්ව ජාතිය රැක ගැනීම වෙනුවෙන් ජීවිතය පුද කළ රණවිරුවන් සහ ආබාධිත වූ රණවිරුවන්ගේ දරුවන් 40 දෙනෙකු වෙනුවෙන් ලෝක ළමා දින සැමරුම නිමිති කර ගනිමින් ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී. 

ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන්  ගුවන්  සමාගම, රටේ  ප්‍රසිද්ධ උරුමයක් ඇති ගාලු මුවදොර හෝටලය සහ සංචරණ සහ සංචාරක ක්ෂේත්‍රයෙහි පුරෝගාමියෙකු වන ඊබට් සිල්වා හොලිඩේස් එකතුව දෙවැනි වරටත් මේ වසරේ දී  ඔක්තෝම්බර් 1 වැනිදා සමරන  ලොක ළමා දිනය  එම ළමුන් සහ පවුලේ සැමට අමරණීය මතකයක් ලබාදෙන දිනයක් බවට පත්කර ඇත. 

මේ දිනය තුළ කොළඹ සිට කටුනායක දක්වා ඊබට් සිල්වා හොලිඩේස් වෙතින් ලබාදුන් තට්ටු දෙකේ බස් රථවල (double decker) ගමන් කිරිමේ අවස්ථාව මෙන්ම  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දිවා ආහාරය සමග ගුවන් යානාවන් තුළ චිත්‍රපට නැරඹීමේ අවස්ථාවද ළමුන්ට  හිමිවිය. මෙම චාරිකාව අවසානයේ  කොළඹ වෙත ගමන් කිරීමේ දී සියලුදෙනා සඳහා තේ පැන් සංග්‍රහයක් ගාලු මුවදොර හෝටලයේ දී පවත්වනු  ලැබීය . මේ දිනය ආරම්භ වූයේ කුඩා ළමුන් ගාලු මුවදොර හෝටලය වෙත රැස් වීමෙන් පසුවය. ඉන්පසු මෙම පිරිසට ඊබට් සිල්වා හොලිඩේස් හි අලංකාර ලෙස සරසන ලද විවෘත තට්ටු දෙකේ බස් රථයක ගමන් කිරීමට ද අවස්ථාව සැලසිනි.  මෙම රථයේ ගමන් කරන අවස්ථාවේ දී පැමිණ සිටි පිරිසට අතවනා ආචාර කරමින් කුඩා ළමුන් ඉතා සතුටින්  ගාලු මුවදොර හෝටලය අසළින් පිටත්ව යන ලදී. මෙම ගමනේ දී ළමුන් අත්පොළසන් දෙමින් ගීත ගයමින් ආහාර පාන රසවිඳිමින් ගමන් කර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. මෙහිදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය ඔවුන් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ගුවන් තොටුපළ තුළ ඔවුන් සඳහා ඉතා ප්‍රියජනක චාරිකාවක් සංවිධානය කර තිබිනි. ඒ අනුව ගුවන්  මගීන් මෙන් ගුවන් පිවිසුම් පරීක්ෂාව සඳහා යොමු වීමට ඔවුන්ට අවස්ථාව ලබාදී ඇත. මෙම ළමුන් සියලු දෙනා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අති නවීන ගුවන් යානාවක් වන එයාර්බස් A330ගුවන් යානාව වෙත පිවිසීමෙන් පසු ඔවුන් තුළ තිබූ උද්යෝගය තව තවත් වැඩි වී ඇත්තේ ගුවන් යානාවක් තුළ පිළිගන්වන ප්‍රණීත ආහාර පාන රසවිඳිමින් චිත්‍රපට නැරඹීමට අවස්ථාව ලබාදීමෙනි. ශ්‍රීලංකන් ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ කාරුණික පිළිගැනීම සමගින් ගුවන් නියමු කුටිය වෙත යෑමටත් ගුවන් සංචාර පිළිබඳ වැදගත් තොරතුරු රැසක් පිළිබඳව දැනුවත් වීමටත් අවස්ථාව ලබාදී ඇත.මෙම අමතක නොවන අත්දැකීම් සමූදායත් සමඟින් සියලුදෙනා නැවත කොළඹ වෙත පැමිණීමට තට්ටු දෙකේ බස්රථ මගින්  පිටත්ව යන ලදී.

නැවත වරක් ගාලුමුවදොර හෝටලයේදී ඔවුන් සඳහා තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබුනි.  ගාලු මුවදොර හෝටලයේ සම්ප්‍රදායට අනූකූල ආහාර පාන රැසක් සංවිධානය කර තිබූ අතර එහිදී මැජික් සංදර්ශනයක් සහ වේගරිද්ම නර්ථනයක් ද ශ්‍රීලංකන් කාර්ය මණ්ඩල සාමාජිකයන්  විසින් පවත්වනු ලැබීය. සංගීත කණ්ඩායමක් විසින් ගීත ගායනා කරමින් ළමුන්ට තෑගී ප්‍රදානයක් ද  මෙමගින් සංවිධානය කර තිබුනි.මෙම ආහාර පාන සඳහා  කුඩා ළමුන් කැමති මාෂ්මෙලෝස් ,අයිස් ක්‍රිම්, චොකොලට්.පැස්ටා,පීසා යනාදිය සංග්‍රහ කෙරිනි.මෙහිදී ඉතා විශේෂ අවස්ථාවක් වුයේ රට දැය වෙනුවෙන් කැපකිරීම් කළ විරුවන්ගේ දු දරුවන් හට ගෞරව පදක්කම් පිරිනැමීමයි. මෙහිදි බොහෝ ළමුන්ගේ මව්වරුන්  මෙම අවස්ථාවරට දැය වෙනුවෙන් දිවිපිදූ කැපකිරිම් කළ තම සැමියන් වෙනුවෙන් පිදූ උපහාරයක් ලෙස සළකා ඊට  මුහුණදුන්නේ ඉතා හැඟීම්බර ලෙසිනි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.