• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික ආර්ථික සභාව පිහිටවූයේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට - ජනපති

HEජාතික ආර්ථික සභාව පිහිටුවීමට තමා තීරණය කළේ රටේ ආර්ථික කළමනාකරණය වඩා විධිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

 



අපනයන ආදායම වර්ධනය කිරීම මෙන්ම දේශීය කර්මාන්ත සංවර්ධනය ද මෙහි අපේක්ෂාවයි.


කෘෂිකාර්මික රටක් ලෙස කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා දැනට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව තිබෙන අතර කර්මාන්ත සංවර්ධනය සඳහා රජයේ වගකීම් ද මීට වඩා ඉහළින් ඉටුකිරීම ජාතික ආර්ථික සභාව පිහිටුවීමේ අරමුණු බව ජනාධිපතිතුමා කියා සිටියේය.


ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (17) කොළඹ ගලදාරි හෝටලයේ පැවති ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික සැලසුම්කරණ සම්මාන උළෙල අමතමිනි.


ජාතික ආර්ථික සභාව පිහිටුවීමේදී ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග මෙන්ම දේශීය ආර්ථික විශේෂඥයින් පමණක් නොව විදේශගතව සේවය කරන ලාංකීය විශේෂඥයින් සමග ද සාකච්ඡා කල බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.


රටේ අනාගතය සඳහා විධිමත් සහ කාර්යක්ෂම වැඩපිළිවෙළක අවශ්‍යතාවය ඉටු කරමින් ආරම්භකළ ජාතික ආර්ථික සභාවේ කටයුතු සඳහා සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ දේශීය කර්මාන්තවලට සහ දේශීය ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදුවන හෝ තර්ජනයක් එල්ලවන කිසිදු ආකාරයේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට රජය අත්සත් නොතබන බවයි.


ව්‍යාපාර ක්ෂේත‍්‍රයට අයත් නොවන එක්තරා පිරිසක් විසින් ව්‍යාපාරික ප‍්‍රජාවට වැරදි තොරතුරු ලබාදෙමින් ඔවුන් බියවද්දමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිතුමා රජය විදේශ රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙන්නේ දේශීය කර්මාන්තය ද රැක ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප‍්‍රතිපත්තිය මත පිහිටා බව අවධාරණය කලේය.


දේශීය කර්මාන්තයේ සංවර්ධනය සඳහා පසුගිය කාල සීමාව තුළ ලැබුණු රාජ්‍ය අනුග‍්‍රහය ප‍්‍රමාණවත් නොවන බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දේශීය කර්මාන්ත සංවර්ධනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරි ගැන්වීම සහ ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම සඳහා නව වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපයක තුළ ක්‍රියාවට නංවන බව ද ප‍්‍රකාශ කළේය.


ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් 16 වරටත් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබූ අතර ක්ෂ්ද්‍ර පරිමාණ, කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ සහ අතිවිශාල පරිමාණ වශයෙන් ක්ෂේත‍්‍ර 05 ක් යටතේ ව්‍යාපාරික ආයතන 16 ක් සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණි.

රාජ්‍ය අංශයේ කර්මාන්ත 03 ක් වෙනුවෙන් ද මෙහිදී සම්මාන පිරිනැමුණු අතර ලිට්රෝ ගෑස්, පශු සම්පත් හා ඛනිජ තෙල් කර්මාන්තය උදෙසා එම සම්මාන පිළිගැන්විණි.


පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, ශී‍්‍ර ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති තිස්ස සෙනෙවිරත්න මහතා ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් හා සම්භාවනීය ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.