• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වික්ටෝරියා සහ කොත්මලේ ඔප්පු පිරිනැමීම අද

heමහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ ජාතික වැඩසටහන යටතේ වික්ටෝරියා සහ කොත්මලේ පදිංචි ඉඩම්ලාභීන් 1,300 කට ආසන්න සංඛ්‍යාවකට ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී  පැවැත්වීමට නියමිතය.


වික්ටෝරියා සහ කොත්මලේ මහවැලි කලාපයේ පදිංචි ඉඩම්ලාභීන් 1300 කට ආසන්න සංඛ්‍යාවකට මෙහිදී නීත්‍යානුකූල ඔප්පු ලබා දීමට සැලසුම් කොට ඇත. එම පිරිස අතර වසර 05 කටත් වසර 15 කටත් ආසන්න කාලයක සිට නීත්‍යානුකූල ඔප්පු නොමැතිව එම ඉඩම්වල පදිංචි වී සිටින පදිංචිකරුවන් සිටින අතර නීත්‍යානුකූල ඉඩම් ඔප්පු නොමැතිකමින් විවිධ දුෂ්කරතාවලට ලක්වු මෙම පිරිසට නිත්‍යානුකූල ඔප්පු ලැබීමත් සමග ඒ සියලු ගැටුල සඳහා විසඳුම් ලැබෙනු ඇත.


මෙම වැඩසටහන යටතේ පසුගිය 11 සහ 12 යන දිනවලදී ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වලව කලාපයේ සහ මහවැලි එච්. කලාපයේ ගොවීන් 10,000 කටත් නීත්‍යානුකූල ඔප්පු පිරි නැමීම සිදු විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.