• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා

 
He news 2017 8 18වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කර තිබේ.


ඒ අනුව අද (18) පෙරවරුවේ ජනාධිපති  නිල නිවසේ දී නව නාවික හමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.


1982 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව ඇති ට්‍රැවිස් සින්නයියා මහතා වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම, රණශර ( තෙවරක් ) හා උත්තම සේවා යන ඉහළම සම්මානයන්ට පාත්‍ර වූ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.


නව නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය මෙම මස 22 වනදා සිට බලපැවැත්වෙනු ඇත.


මේ අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන  මහත්වරුද එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.