• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සියඹලාගොඩ ශී‍්‍ර නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කෙරේ

He news 2017 8 21පොල්ගස් ඕවිට, සියඹලාගොඩ ශී‍්‍ර නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි.


විහාරාධිපති පූජ්‍ය රන්පත්විල විමලරතන නායක ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් ඊයේ පස්වරුවේ බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව පුණ්‍යෝත්සවය සඳහා එක් විය.


අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ විසින් අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කරනු ලැබූ අතර, ජනාධිපතිතුමා විසින් ඒ සඳහා ප‍්‍රථම පුෂ්පෝපහාරය සිදුකරනු ලැබීය.


විහාරස්ථානයේ දීර්ඝකාලයක් පුරා පැවති අඩුපාඩුවක් සපුරාලමින් දායක සභාවේ සුනිල් සමරජීව මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකර තිබේ.


අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ, ශාස්ත‍්‍රපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය පාඨලී චම්පික රණවක, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් සහ පළාත් මැති ඇමතිවරුන්, විහාරස්ථ දායක සභාව ඇතුළු ප‍්‍රදේශවාසී ජනතාව මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.