• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක් දිනක් තුළ සේවය හැරගොස් සිටි යුධ හමුදා සාමාජිකයින් 777 අත්අඩංගුවට

sri lanka army logoශ්‍රී ලංකා යුධ හමුදා පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව එක්ව නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave - AWOL) යුධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය සිකුරාදා (අගෝ 18) දින දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.


එහිදී නිවාඩු නොලබා සේවයට වාර්තා නොකරසිටි එක් නිලධාරියෙක් ඇතුළු සෙසු නිලයින් 776 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව හමුදා ප්‍රකාශක සහ යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.


නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලේ වත්මන් තත්වය පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යංශයීය නිල වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුයේ තවදුරටත් ත්‍රිවිධ හමුදාවටම අයත් සේවය හැරගිය පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පසුගිය සිකුරාදා සිදුකරණ ලද විශේෂ මෙහෙයුම එසේ පැනගිය යුධ හමුදා සාමාජිකයින් ඉලක්කකර සිදුකල එකක් බවත්ය. තවදුරටත් අදහස් දක්වමින් බ්‍රිගේඩියර් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කලේ ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කොට දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වූ අවසන් පොදුසමා කාලසීමාවෙන් අනතුරුව ඊයේ දින (අගෝ 19 ) දක්වා වූ කාළය තුළ නිවාඩු නොලබා සේවයට වාර්තා නොකරසිටි නිලධාරින් 9ක් ඇතුළුව සෙසුනිලයින් 5641 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතුකර ඇතිබවයි.


නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave -AWOL) ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා නිශ්කාෂණ ලබා නිත්‍යානුකුලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් ගෙවීගිය 2016 වසර තුල දෙවතාවක් වරකට මසක් බැගින් වූ පොදු සමාකාලයක් (General amnesty) ප්‍රකාශයට පත් කොට තිබුණි. අවසන් පොදු සමාකාලය පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ යටතේ නිලධාරින් 34 දෙනෙක් සහ සෙසුනිලයින් 8843ක පිරිසක් අවසන් නිශ්කාෂණ සඳහා රපෝර්තු කොට තිබිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.