• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2017 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත සකස්කර අවසන්

Election comission 2017 8 212017 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත සකස්කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම කෙටුම්පත  මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ. 


මීට අමතරව 2016 ඡන්දහිමි නාමලේඛනය, ඉන් ඉවත් කෙරෙන නම් සහ අලුතින් ඇතුළත් කෙරෙන නම් පිළිබඳ විස්තර අදාළ ග්‍රාම නිලධාරි කාර්යාල වලදී පරීක්ෂා කළ හැකිය. 



තවද කොළඹ නගරය, කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු නාගරික හා අර්ධ නාගරික බොහෝ ප්‍රදේශයන්හි ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීමේ යම් අඩුවීමක් නිරීක්ෂණය වන බැවින් 2017 ඡන්ද හිමි නාම ලේඛනයට තමන්ගේ නම ඇතුළත් වී ඇත්දැයි ජනතාවට නිසැක වන ලෙසත්, ඉදිරි ඡන්ද විමසීම් වලදී ඡන්ද භාවිතා කළ හැක්කේ 2017 නාමලේඛනයේ නම් ඇතුළත් තැනැත්තන්ට පමණක් බවත්  මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටි. 


යම් හෙයකින් තමන්ගේ නම 2017 ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත්ව නොමැති නම් වහාම අදාළ මැතිවරණ කාර්යාලවලට දැනුම් දීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව වයස අවුරුදු 18 ට වැඩි සියළුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.