• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ ඩෙංගු අවධානම තවදුරටත්

dengue fever s5 contractedකෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට  ඩෙංගු රෝගීන් ගණන 6893ක් වාර්තා වන අතර මේ වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාව 24ක් වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව වාර්තා සඳහන් කරයි. ආසන්න සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් යම් ප්‍රමාණයක් අඩුවී ඇතත් පවතින වැසි තත්ත්වයත් සමඟ රෝගීන්ගේ උච්චාවචන අවිනිශ්චිත බව දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව පෙන්වා දෙයි. 


මාවනැල්ල, කෑගල්ල , රඹුක්කන, අරණායක, වරකාපොළ ආදී සෞඛය වෛද්‍ය නිලධාරී  කොට්ඨාසයන් හී ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර එම කොට්ඨාස තවදුරටත් අවධානම් ‍කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්කයේ වාර්තා වූ ඩෙංගු මරණ වලින් වැඩි ප්‍රමාණයක් කාන්තාවෝ වෙති.


කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන කටයුතු තවදුරටත් පුළුල් කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුවට සහභාගී වෙමින් සඳහන් කළේය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.