• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යුද්ධ හමුදා සමාජ සත්කාර තවදුරටත්

More than 700 troop fight Dengue in Kilinochchi 2017 8 24කිලිනොච්චි ප්‍රදේශයේ පැවැත්වු ජාතික ඩෙංගු මර්ධන කටයුතු සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් භටපිරිස් ක්‍රියාකාරිව දායක වූ බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.



ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දින (අගෝ 17) කිලිනොච්චි, පුනරින්, මුලන්කාවිල්, විශ්වමඩු සහ කන්දාවලි ප්‍රදේශයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන්, පොලිසිය සහ මහජනතාව එක්ව සංවිධානය කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ක්‍රියාත්මක 57 ,65 සහ 66 වන සේනාංක වලට අයත් 700 කට අධික භට පිරිසක් දායකවී ඇත.


එයට අමතර ව පසුගිය සඳුදා දින (අගෝ 21) හෝමාගම නගරයේ සාප්පු සංකීර්ණයක ඇතිවූ හදිසි ගින්නක් නිවාදැමීමට බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් භටපිරිස් දායක වී ඇත. ඒ අනුව හෝමාගම පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට හෝමාගම නගර මාධ්‍යයේ පිහිටි ඉසොෆ්ට් ආයතන (Esoft Building) ගොඩනැගිල්ලේ ඇතිවූ හදිසි ගින්න අනුව 10 වන (ස්වේච්ඡා) ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් ගිනි නිවන හමුදාවේ සහ යුද්ධ හමුදාවේ ද ගිනි නිවන රථ උපයෝගී කරගෙන යාබද ගොඩනැගිලි වලට පැතිර යාමට ඉඩ නොදී මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.