• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

He president"ප‍්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීම-ගෝලීය ප‍්‍රවණතා" තේමාව කරගනිමින් කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක උත්සවය අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

 

 

 

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් ගෝලීය හා කලාපීය ආරක්ෂක ගැටලු පිළිබඳව කතිකාවතක් ඇති කිරීම උදෙසා 2010 වසරේදී ආරම්භ කෙරුණු ආරක්ෂක සමුළුව, දෙස් විදෙස් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙවර ද පැවැත්වේ.


7 වන වරටත් පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණය අද (28) සහ හෙට (29) යන දෙදින තුළ දේශීය හා විදේශීය විද්වතුන්, විශ්ලේෂකයින්, උපදේශකයින් හා ආරක්ෂක ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් අටසියකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.


දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණය සැසිවාර නවයක් ඔස්සේ ”ප‍්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීම-ගෝලීය ප‍්‍රවණතා” යන තේමාවට අදාළව කථිකාවට බඳුන් වීමට නියමිතය. එමෙන්ම රාජ්‍ය පාලනය හා රාජ්‍ය ආරක්ෂාවට තර්ජන එල්ල කෙරෙමින් අනපේක්ෂිතව සහ අන්තර් සබඳතාවන් සහිතව සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය හා නූතන ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ද සැසිවාර පැවැත්වෙනු ඇත.

 

 

ඉන්දියාව කේන්ද්‍ර කොටගත් විවිධ රටවල ආරක්ෂක දූත නිලධාරීන්, කොළඹ රාජකාරි වල නියුතු ආරක්ෂක දූත නිලධාරීන් ඇතුළු ලෝකයේ විවිධ රටවල විදේශීය හමුදා නියෝජිතයින් සහ රාජ්‍යයන් 35ක් නියෝජනය කරමින් මෙම සමුළුව පැවැත්වේ.


මෙම සමාරම්භක අවස්ථාවට අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ඇමරිකා එක්සත් ජනපදයේ විශ‍්‍රාමික අද්මිරාල් විලියම් ජේ. ෆැලෝන්, ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ‍්‍රාමික ජෙනරල් අශෝක් මේතා මහතා ඇතුළු දෙස් විදෙස් හමුදා නියෝජිතයන් ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.