• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උතුරු මැද අසාධ්‍ය වකුගඩු රෝගීන් සඳහා සහන සත්කාර මධ්‍යස්ථානයක්

Health ministry news 2017 8 29උතුරු මැද පළාතේ අසාධ්‍ය වකුගඩු රෝගීන් සඳහා වූ සහන සත්කාර මධ්‍යස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකිරීම සම්බන්ධයෙන් මුලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි. ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.


ඔස්ට්‍රේලියාවේ “ශාන්ති” පදනම ඒ සඳහා ආධාර ලබාදෙනු ලබයි.


මෙම මධ්‍යස්ථානය ගොඩනඟා එය පවත්වාගෙන යාමට සම්පූර්ණ මුල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 120 ක මුදලක් ලබාදිමට “ශාන්ති” පදනම බලාපොරොත්තු වේ. ඉදිරි වසර 100ක කාලයක් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබාදීමට ද නියමිතය. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම සහන සත්කාරක මධ්‍යස්ථානයයි.


ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සොලිසිටර් ජනරාල් කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.