• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඇමරිකා එක්සත් ජනපද‍ නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ ෆැලන් මහතා නාවික හමුදාධිපති හමුවෙයි

Defence2017 8 30 11ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ ෆැලන් මහතා ඊයේ (අගෝස්තු 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය. 


එහිදී ඔවුන් අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳ ව සුහද පිළිසඳරක නිරත විය. ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සංවිධානය කරන ලද කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එතුමා අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභපැතුම් එක් කරන ලදී. තවද, ඉන්දියන් සාගරය ආශ්‍රිත මුහුදු කළාපයේ සමුද්‍රිය ආරක්ෂාව සහ ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා නව නාවික හමුදාධිපතිතුමන් ලබා දෙන පූර්ණ සහාය පිළිබඳව එතුමාගේ ප්‍රසාදය පළකරන ලදී.


අද්මිරාල් ෆැලන් මහතා ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයට පැමිණීම සනිටුහන් කරමින් එතුමන් හට සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.