• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන විභාග වංචා වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ කමිටුවක්

exampicනවීන තාක්ෂණය ආධාර කරගනිමින් සිදුකරන විභාග වංචා වැළක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාගැනීම සඳහා විද්වත් කමිටුවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතාට උපදෙස් ලබා දුන්නේය.


එ් පසුගිය දිනවල වාර්තා වූ ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ සිද්ධිය සහ නවීන තාක්ෂණය ආධාර කරගනිමින් විභාග වංචා සිදුකිරීම සඳහා ඇති ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව තොරතුරු තාක්ෂණය සහ නව තාක්ෂණික මෙවලම් පිළිබඳ දැනුම මෙන්ම විභාග නීතිය පිළිබඳ ව දැනුම ඇති කමිටුවක් පත් කොට වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.


ඉන් අනතුරුව එම නිර්දේශ ද ක්‍රියාත්මක කරමින් විභාග වංචා වැළැක්වීමට පියවර ගැනීම සඳහා වඩාත් සාර්ථක ලෙස මැදිහත් වීමට විභාග දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.