• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන්

Riceදේශීය වෙළඳපොළේ සහල් මිල ඉහලයෑම වැලක්වීමේ අරමුණින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් (100,000) ඉන්දියාවෙන්  ආනයනය කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.



මේ අනුව නාඩු මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් (70,000) හා සම්බා  මෙට්‍රික් ටොන් තිස්දහසක් (30,000) ඉන්දියාවෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

 
මෙම සහල් තොගය ඉන්දියාවේ පෞද්ගලික අංශය හරහා ලබා ගැනීමට නියමිත අතර එහි මූලික අදියර ලෙස නාඩු මෙට්‍රික්ටොන් 70,000 ක ප්‍රමාණය එළඹෙන සැප්තැම්බර් මස දෙවන සතිය තුළ මෙරටට ලබා ගැනීමට නියමිතව ඇති බවත් ඉතිරි සම්බා මෙට්‍රික්ටොන් 30,000 ක ප්‍රමාණය සැප්තැම්බර් මස අග සතියේදී මෙරට වෙළද පොලට මුදා හැරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.


සහල් පාලන මිල පසුගිය අගෝස්තු මස 16 වෙනිදා සිට ඉවත්කිරීමත් සමග කූඨ වෙළදුන් විසින් මෙරට වෙළදපොළ තුළ සහල් හිගයක් මවාපාමින්, සහල්මිල ඉහල දමමින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කිරීම වැලක්වීමේ අරමුණින් මෙම සහල් තොගය මෙරටට ආනයනය කිරීමට පියවර ගත්බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.