• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල දිස්ත්‍රික්කයට ‘‘ යූත් විත් ටැලන්ට්“ ව්‍යාපෘති 122 ක්

kegalle 20178 30ගමට කෝටියක් යූත් විත් ටැලන්ට් කෑගල්ල දිස්ත්‍රික් ව්‍යාපෘති සියල්ල මේ වන විට ක්‍රියාත්මක හා අවසන් වෙමින් පවතින බව ජාතික තරුණ සේවා සභාවේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මල්ලිකා කාන්ති ජයතිස්ස මෙනවිය ප්‍රකාශ කළාය. 


මේ බව හෙළි වූයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ 2-017 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කළ හා යෝජිත වැඩසටහන් පිළිබඳ ව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුම්වත් කළ වැඩමුළුවක දීය. මෙම මාධ්‍ය සාකච්ඡාව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි. 


යූත් විත් ටැලන්ට් වැඩසටහන යටතේ කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ආවරණය වන පරිදි ව්‍යාපෘති 122 ක් ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘති අතර ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කිරීම , ප්‍රජා නල අළුත්වැඩියා කිරීම, මාර්ග පැති බැමි ඉඳිකිරීම, විහාරස්ථාන වැඩිදියුණු කිරීම යනාදිය ඇතුළත් වේ.


නිස්කෝ සමාන්‍යාධිකාරී, ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් උපදේශන සේවා නිලධාරී, වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරී ඇතුළු දිස්ත්‍රික් තරුණ සේවා මහත්ම මහත්මීන් විසින් වැඩසටහන් ප්‍රගතිය ඉදිරිපත් කළහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.