• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවෙයි

He news 2017 8 3066 වසරක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටත් ජනතාවත් වෙනුවෙන් ඉටුකරනු ලැබූවේ ඓතිහාසික කාර්යභාරයක් බව සිහිපත් කරන ජනාධිපතිතුමා මෙම සැප්තැම්බර් 03 වනදාට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමානවත් 66 වන සංවත්සරය සමරන්නේ දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා සාමුහිකත්වයෙන් ගොඩනැඟිය යුතු පුළුල් දේශපාලන වැඩපිළිවෙළක පණිවිඩය රටට ලබාදෙමින් බව කියා සිටියේය.
 
 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති හමුව අමතමිනි.
 
 
රටක් ලෙස මුහුණදීමට සිදුවූ බොහෝ අභියෝග ජයග‍්‍රහණය කරමින් රට ඇදවැටීමට තිබූ ඛේදජනක තත්ත්වයෙන් රටත්, ජනතාවත් ගලවා ගැනීමට හැකිවූයේ, සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන්මග නිසා බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා රටත්, ජනතාවත් වෙනුවෙන් වූ යුග මෙහෙවර ඉටුකිරීමට සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන්මග ශක්තිමත් කිරීමට කැපවන අතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පිරිසිදු මෙන්ම ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැගීමට තමා කැපවී සිටින බව කියා සිටියේය.
 
 
අද රට ගොඩනැඟීමට අවශ්‍ය වන්නේ වංචාවෙන්, දූෂණයෙන් සහ අක‍්‍රමිකතාවයෙන් තොරව කටයුතු කරන පිරිසිදු දේශපාලනඥයින් සිටින, පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පටු දේශපාලන න්‍යායපත‍්‍රවලින් බැහැරව රට අංක එකට තබා රට වෙනුවෙන් වූ වගකීම් ඉටුකිරීමට සියලු දේශපාලනඥයින් එක් විය යුතු බව ද අවධාරණය කළේය.
 
 
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යාමේදීත්, රටේ නායකයා ලෙස ආණ්ඩුවේ කටයුතු ඉදිරියට කරගෙන යාමේදීත් තමන්ට මුහුණදීමට සිදුව ඇත්තේ එදා රට තුළ සමාජ පරිවර්තනයකට කැපවූ නායකයෙකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මුහුණදුන් ආකාරයේ ගැටලුවලටම බව පැවසූ ජනාධිපතිතුමා අතීත නායකයින් රටටත්, පක්ෂයටත් ලබාදුන් නායකයත්වය මෙන්ම ඔවුන් ප‍්‍රශ්න විසඳාගැනීමට කටයුතු කළ ආකාරය අධ්‍යයනය කරමින් සිය දේශපාලන වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරන බව ද ප‍්‍රකාශ කළේය.
 
 
 
අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.