• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2019 වසරේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන CITES පාර්ශවකරුවන්ගේ 18 වන සැසිය පිළිබඳ මූලික සාකච්ඡාවක්

He news 2017 8 31තර්ජනයට ලක්වී ඇති සත්ව හා ශාක විශේෂ නීති විරෝධී ලෙස වෙළෙදාම් කිරීම සම්බන්ධයෙන් වන සම්මුතියේ (CITES) පාර්ශවකරුවන්ගේ 18 වන සැසිය 2019 වසරේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්විමට නියමිත අතර එහි මූලික සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

 



2019 වසරේ මැයි මාසයේදී රටවල් 187 කට අධික සංඛ්‍යාවක විශේෂඥයින් 4500ක ගේ පමණ සහභාගිත්වයෙන් මෙම සමුළුව කොළඹදී පැවැත්වීමට නියමිත අතර එය වනජීවි සංරක්ෂණ කටයුතු පිළිබඳ කි‍්‍රයාශීලිව කටයුතු කරන රටක් ලෙස ශී‍්‍ර ලංකාව ලද ජයග‍්‍රහණයකි.


සමුළුව වඩා සාර්ථක අන්දමින් පැවැත්විමට අදාළව සංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර අදාළ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමෙන් අනතුරුව එම සම්බන්ධීකරණ කටයුතු සඳහා ජනාධිපතිතුමා විසින් ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ද පත් කරනු ලැබීය.


අමාත්‍යවරුන්වන ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, නිමල් සිරිපාල ද සිල්වා. එස්.බී. නාවින්න, තිලක් මාරපන, හරින් ප‍්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.