• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොහොමත් ළඟදී ඡන්දයක් එනවා- අමාත්‍ය ගයන්ත කරුණාතිලක

Hon Gayantha Kඅද අපි කර තිබෙන දේවල් දිහා බැලුවාම සමහරුන්ට ආණ්ඩුව පේන්නේ මූසල දෙවසරක් ලෙසයි. පළාත් පාලන ඡන්දය කල් දැම්මා වගේම එක දවසක ඡන්ද තියන්න ඕන කියා, පළාත් සභා ඡන්දත් කල් දාන්න යනවා කියා අද විපක්ෂය රටේ වැරදි මතයක් පතුරනවා යැයි ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 



එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා



ආණ්ඩුව ඡන්ද කාලෙ දුන් පොරොන්දු ඉටු කරන්නයි හදන්නේ. පළාත් පාලන ඡන්ද කල් ගියේ ඇයි කියා රටම දන්නවා. ඒක අපේ වරදක් නොමෙයි. ගිය ආණ්ඩුව මේකට වග කියන්න ඕන. කලක් පහුවෙලා හරි හරි දේ කිරීම වැදගත්. මේ වසර අවසන් වීමට පෙර පළාත් පාලන ඡන්දය තියන්න පුළුවන්. අපට පහසුවෙන් ජයගන්නත් පුළුවන්. පළාත් සභා ඡන්ද එක දිනක තබන බව කීම අද ඊයේ කතාවක් නොමෙයි.


මේවා විකෘති කළේ ගිය ආණ්ඩුව. සිල්ලර ඡන්ද ක්‍රමය නවත්වන බව අපි එදා ඉඳන්ම කිව්වා.ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් එක දවසක තියන්න පුළුවන් නම් හොඳයි. වැරැද්ද දැක දැක ඒකම කරන්න අපි සූදානම් නෑ.



කොහොම උනත් ළඟදී ඡන්දයක් එනවා. විපක්ෂයටත් පක්ෂයක් ලෙස ඒකට මුහුණදෙන්න වෙනවා. ඇත්ත වුවත් බොරු වුවත් මීට වඩා ජවයකින් වචන හරඹයක නිරත වෙන්න ඕන කාලය ඔවුන්ට උදාවී තිබෙනවා.


 මීට වඩා ආකර්ශනීය සටන් පාඨ ආණ්ඩුවට විරුද්ධව හදා ගත්තොත් ඔවුන්ට හොඳ වේවි. ඒ අයගේ පැත්තෙන් බැලුවාම එහෙම තමයි සිතන්න වෙන්නේ. තව වෙසක් පෝය දෙකකින් ආණ්ඩුව පෙරළනවා කියා මහින්ද මහත්තයත් කියන්නේ. එහෙම කිව්වේ නැත්නම් ජනතාව ඔවුන්ගෙන් ඈත් වෙනවා. ඕවා දේශපාලන පක්ෂයක පැවැත්මට කිවයුතු සටන් පාඨයි.


අද අපි කර තිබෙන දේවල් දිහා බැලුවාම සමහරුන්ට ආන්ඩුව පේන්නේ මූසල දෙවසරක් ලෙසයි . පවුල් පිටින්, නඩ පිටින් එදා විදේශ ගතවුණා. ප්‍රතිරූප පුම්බන්න කෝටි ගණන් නාස්ති කළා. වංචා දූෂණ අක්‍රමිකතා විශාල වශයෙන් එදා සිදුවුණා. පවුලේ අය ගමන් ගියේ හෙළිකොප්ටරයෙන්. මන්දිර නැති වුණා. හොරා කෑම නැතිව ගියා. එහෙම වුණාම මේ දෙවසර මූසල දෙවසර ලෙස ඒ අයට පෙනුණත් සිදුව ඇති වෙනස,ඇත්ත කතාව ජනතාව දන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.