• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික රක්ෂණ දිනය වෙනුවෙන් නිකුත් කරන සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනපතිට පිළිගැන්වේ

He news 2017 8 31 3සැප්තැම්බර් පළමුවැනිදාට යෙදී ඇති ජාතික රක්ෂණ දිනය වෙනුවෙන් නිකුත් කරනු ලබන සමරු මුද්දරය සහ මුල්දින කවරය තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලීප් විජේසේකර මහතා විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
 


ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ සමාගම් වල ඉල්ලීමක් පරිදි සැප්තැම්බර් පළමු වැනිදා ජාතික රක්ෂණ දිනය ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.


මේ අවස්ථාවට ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනි ඉන්ද්‍රාණී සුගතදාස, එහි අධ්‍යක්ෂ ජනරාල්  දමයන්ති ප්‍රනාන්දු යන මහත්මීන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.