• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉගෙනුම ලබන ස්වාමීන් වහන්සේටත් රු.ලක්ෂ 2ක රක්ෂණාවරණයක්

Education ministry 2017 9 1පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලු ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ ගිහි සිසුන්ට ද රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණය ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.

 




‘සසුනට දිරිදෙන - සුරකිමු පිරිවෙණ’  ජාතික වැඩසටහන යටතේ හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන්  සඳහා මූල්‍ය ආධාර සහ පහසුකම් ලබාදීම වෙනුවෙන් ඊයේ (31) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රජයේ අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා රුපියල් 2,500 ක ශිෂ්‍යත්ව දීමනාව ලබා දීම මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංඝරත්නයේ ඉල්ලීම පරිදි පිරිවෙන් සංවර්ධන අරමුදචලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.


මෙම අවස්ථාවේ දී ‍හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන් 10ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීම  වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 බැගින් ද, රුපියල් ලක්ෂ 09 බැගින් පිරිවෙන් 60ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ආධාර ද, පිරිවෙන් 42ක් සඳහා ගණිත උපකරණ කට්ටල බෙදාදීම ද අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.   


පිරිවෙන් අධ්‍යාපන උපදේශක පූජ්‍ය අත්තංගනේ ශාසනරතන ස්වාමීන් වහන්සේ මුලසුන දැරූ මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඤාණරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර සංඝරත්නය සහ  අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා, අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) ආචාර්ය මධුරා වේහැල්ල මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.