• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් සඳහා විශ‍්‍රාම දීමනා ප‍්‍රදානය ජනපති අතින්

 
He news 2017 9 8 1වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සඳහා විශ‍්‍රාම දීමනා ප‍්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.



ශී‍්‍ර ලංකා ගායක ගායිකා සංගමය විසින් මෙය සංවිධානය කර තිබූ අතර ප‍්‍රථම විශ‍්‍රාමලාභීන් 40 දෙනා වෙත චෙක්පත් හා සහතිකපත් ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.

 
කලාකරුවන්ගේ සුබසාධනය සඳහා ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවා තිබෙන අතර ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සඳහා ජනාධිපතිතුමා විසින් පසුගියදා රුපියල් ලක්ෂ 250 ක මුදලක් ද ලබා දෙන ලදී.



පසුගිය වසර දෙක හමාර තුළ කලාකරුවන්ගේ රෝගී තත්ත්වයන්, අභාවයන් ඇතුළු සියලු අවස්ථාවල ලබා දිය යුතු දායකත්වය ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළ අතර, සිය හැකියාවන් සහ දක්ෂතාවයන් තුළින් දැයක් රසවත් කළ කලාකරුවන්ට නිසි වටිනාකමක් සහ ඇගයීමක් ලබා දෙමින් කලාකරුවන්ගේ ජීවිතයේ සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ නොතබා ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ගත යුතු සියලු පියවර ගැනීමට වත්මන් රජය පසුබට නොවන බවද ජනාධිපතිතුමා නිරන්තරයෙන් අවධාරණය කරයි.


ශී‍්‍ර ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්, ලේකම් ජානක වික‍්‍රමසිංහ, භාණ්ඩාගාරික රොහාන් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



මේ අතර විජිත් සිල්වා මහතාගේ ගායන දිවියට දශක දෙක හමාරක් පිරීම නිමිත්තෙන් එළිදක්වන ලද ඒ මහතාගේ ජීවිත කථාව ඇතුළත් සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.