• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් කිසිසේත් පැහැර නොහරින බව ජනපති පවසයි

He news 2017 9 8 33දිවයිනේ පළාත් නවයේම ජනතාවගේ සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය කටයුතු කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා රටේ පොදු ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් කිසිසේත් පැහැර නොහරින බව අවධාරණය කළේය.



ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පොළොන්නරුව විජයරාජපුර මහා විද්‍යාලයේ නව ප‍්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරීමේ උත්සවයට ඊයේ (07)  පස්වරුවේ එක්වෙමිනි.


පක්ෂය නොව ප‍්‍රශ්නය දෙස බලමින් රටේ සියලු ජනතාවගේ ගැටලු විසඳීමට වත්මන් රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඕනෑම කෙනෙකු දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ විට රජයේ පූර්ණ මැදිහත්වීම ලබාදෙමින් එම ගැටලුව විසඳීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.


නගරයේ පාසල්වල තිබෙන තද බදය සහ ජනපි‍්‍රය යැයි සැලකෙන පාසල් සඳහා ඇති තරගය රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ වෙනස් කිරීමට අපේක්ෂා කරන්නේ ප‍්‍රාදේශීය වශයෙන් සියලු  පාසල් අංග සම්පූර්ණ කිරීමෙන් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.


එමෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තිබෙන සම්පත් හිඟය අවසන් කර රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


අද පස්වරුවේ පොළොන්නරුව විජයරාජපුර මහා විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර නව ප‍්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.


අනතුරුව සිසු දරුවන්, දෙමාපියන් ඇතුළු පැමිණ සිටි ප‍්‍රදේශවාසී ජනතාව සමග ද සුහද කථා බහක නිරත විය. ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ‍්‍රයේ රුක් රෝපණයක් ද සිදු කෙරිණි.


උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ හේරත් බණ්ඩා, සම්පත් ශී‍්‍ර නිලන්ත යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමතිවරු පිරිසක් ද විදුහල්පති සනත් විජේසිංහ මහතා ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


මේ අතර රුපියල් මිලියන 15 ක වියදමින් ඉදිකෙරුණු ඕනෑගම ප‍්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ද අද පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.


සමරු ඵලකය නිරාවරණය කර නව ප‍්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි ප‍්‍රථම රෝගියා ලියාපදිංචි කිරීම ද සිදු කළේය.


උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.