• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

He news 2017 9 14 2ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පෙරවරුවේ විවෘත කෙරිණි.


නව කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා භූමිය අත්පත් කරගැනීමේදී ඔරුගොඩවත්තේ පිහිටි මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය පිහිටි භූමියද අත්පත්කර ගැනිණි. ඒ අනුව ජපන් සහයෝගීතා ණය ආධාර යටතේ රුපියල් මිලියන 1540 ක මුදලක් වැයකරමින් ඔරුගොඩවත්තේ නව භූමියක ඉදිකෙරුණු මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය අති නවීන තාක්ෂණ ශිල්පීය ක‍්‍රම අධ්‍යයනය කළහැකි අයුරින් නිමවා තිබෙන අතර පරිපාලන සහ පුහුණු ඒකක වර්ග මීටර් 8,000 කින් යුක්ත වේ.


වැඩ ඒකකවල තිබූ පුහුණු යන්ත‍්‍රසූත‍්‍ර හා උපකරණ හානියකින් තොරව ප‍්‍රතිස්ථාපනය, නවීන තාක්ෂණික ක‍්‍රම අධ්‍යයනය සඳහා පුහුණු කිරීමේ යන්ත‍්‍ර 05 ක් අලුතෙන් එක්කිරීම, අලුතින් සිසුන් වැඩි පිරිසක් ඇතුළත් කරගැනීමේ හැකියාව පැවතීම සහ අනාගත අවශ්‍යතා අනුව තවත් ඉඩකඩ අවශ්‍ය නම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් තට්ටු 05 සිට 10 දක්වා වැඩිකරගත හැකි පරිදි මූලික ඉදිකිරීම් නිමකර තිබීම විශේෂත්වයකි.

ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්වයේ ඉපැරණි සිහිවටනයක් ලෙස 1985 වර්ෂයේදී මෙරටට ලැබුණු මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය මගින් මෙරටට ගෙන්වන ජපන් මෝටර්රථ අලුත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පීන් බිහිකිරීම සඳහා අඛණ්ඩවම දායක වී තිබේ.


අමාත්‍ය චන්දිම වීරක්කොඩි, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ප‍්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් පී. රණේපුර මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.