• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයෙන් බටහිර ඉන්දීය කොදෙව් ‘A’ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

srilankan and codeu team ශ්‍රීලංකන්  ගුවන් සේවයේ උණුසුම් ආගන්තුක සත්කාරය සමඟ බටහිර ඉන්දීය කොදෙව් ‘A’ ක්‍රිකට් කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා UL 504 දරණ ගුවන් යානයෙන් ලන්ඩන් සිට කොළඹ බලා පැමිණ ඇත. ශ්‍රීලංකන් ව්‍යාපාරික පංතියේ අති නවීන සැපපහසු ආසන වල මෙන්ම උණුසුම් ආගන්තුක සත්කාරය අත්විදිමින් මෙම කණ්ඩායම මෙරටට පැමිණ තිබේ.
 
ගුවන් සමාගමේ ලන්ඩන් හීතෘ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ පහසුකම් මධ්‍යයේ කොළඹ වෙත පැමිණි මෙම  19 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ශ්‍රීලංකන් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය විසින් සුහදශීලී ලෙස පිළිගෙන ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය සමඟ ගමන් කර ඇත.  

කොළඹ, මහනුවර සහ දඹුල්ල නගරයන් හි මෙම බටහිර ඉන්දීය කොදෙව් ‘A’ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා‘A’ ක්‍රිකට් කණ්ඩායම තරග කරනු ඇත.  මීට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ‘A’ ODI ක්‍රිකට් කණ්ඩායමේ අමතර සාමාජිකයන් කිහිපදෙනෙකු  මේ මස අවසානයේ දී කොළඹ ,දඹුල්ල , කුරුණෑගල පැවැත්වීමට නියමිත ඉදිරි තරඟ වාර  3ක් සඳහා ශ්‍රීලංකන් සත්කාරයෙන් ශ්‍රී ලංකාව වෙත  පැමිණීමට නියමිතයි. 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.