• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගැඹුරු පීඩන අවපාතයක වර්ධනය වීමක්

weatherදිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) සඳහන් කරයි.

මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුලං (පැ.කි.මී. 60-70පමණ) බලාපොරොත්තුවේ. දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශද තවදුරටත් බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහඌව පළාත්වල ඇතමස්ථානවලට (මි.මි. 100-150 පමණ) ඉතා තද වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.