• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් සමගින් Take Heart Mercy Mission කණ්ඩායම දිවයිනට පැමිණෙයි

srilankan and health team ශ්‍රීලංකන් ගුවන් සමාගම  එක්සත් රාජධානියේ සිට සෑම වසරක් තුළම Take Heart Mercy Mission වැඩසටහන සඳහා පැමිණෙන  හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම (www.takeheartmercymission.com), සඳහා ගුවන් පහසුකම් සලසා දී තිබේ. මොවුන් මෙරට,  හෘද දෝෂ සහිත දරුවන්ගේ හෘද රෝග වෙනුවෙන් සැත්කම් සිදුකිරීම සඳහා පැමිණෙන ලදී.
 
ජීවිතයට තර්ජනයක් එල්ල වන ලන්ඩන් හි Evelina ළමා රෝහලේ (www.evelinalondon.nhs.uk) සිට මොවුන් පැමිණි අතර, මෙම ව්‍යාපෘතිය හරහා දරුවන් 200 කට අධික පිරිසක් සඳහා දැනටමත් ජීවිතාරක්ෂක හෘද සැත්කම් සිදු කර ඇත.

මෙම කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් යූ එල් 504 දරණ ගුවන් යානයෙන් ඊයේ (13) ශ්‍රී ලංකාවට පැමිණී  අතර, එම පිරිස දකුණු පළාතේ විශාලත ම තෘතියික සාත්තු සේවා මධ්‍යස්ථානය වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් සිදු කිරීමට නියමිතය.  මෙම මෙහෙයුම දින හයක කාල සීමාවක්  සිදුකරන අතර මෙම වර්ෂයේ දී සැත්කම් 21 සිදුකිරීමට නියමිතයි. මෙම කණ්ඩායම හෘදශල්‍යය, බාහිර නිර්වින්දන සහ  දැඩි සත්කාර පිළිබඳ දැනුමෙන් සන්නද්ධ පිරිසකගෙන් සමන්විත වේ.

The Take Heart Mercy Mission වැඩසටහන කෝනල් ඔස්ටින් (Conal Austin) සහ ජෝන් සිම්ප්සන් (John Simpson) ගේ අදහසකට අනුව නිර්මාණය වූවකි.   2012  වර්ෂයේදී එංගලන්තයේ  Gillingham, Kent  හි Gillingham පාපන්දු සමාජය මෙහි නිල පුණ්‍ය ආයතනය බවට පත්වූ අතර, එහි සභාපති Paul Scally මහතා කෝනල් ඔස්ටින් සහ ජෝන් සිම්ප්සන් ගේ සමීපතම මිතුරෙකි.

මෙය ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ට  සඳහා වටිනා අවස්ථාවක් වනු ඇති අතර,  බ්‍රිතාන්‍ය කණ්ඩායම  සමඟ දිනපතා දේශන සහ  වැඩසටහන් පවත්වමින් නව නිපුණතා ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා වේ. එසේම ශල්‍යකර්ම පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඉගැන්වීම, බාහිර නිර්වින්දන උපදෙස්, උපදේශකවරු මෙහෙයවන විශේෂඥ දැඩි සත්කාර කළමනාකරණය යනාදිය පිළිබඳ දැනුම ලබාගැනීමට අවස්ථාව සැලසී ඇත.  

ඒ සමගම Gillingham පාපන්දු සමාජයේ සාමාජිකයන් විසින් පාපන්දු පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, එහිදී  ගාල්ල ශාන්ත ඇලොසියස් විද්‍යාලයේ සිසුන් සිය ගණනක් සඳහා පාපන්දු ක්‍රීඩාව පිළීබඳ දැනුම සහ උපදෙස් ලබා දීමට නියමිතයි.  Gillingham පාපන්දු සමාජයේ ප්‍රජා භාරකාර වැඩසටහන වන Mercy Mission වැඩසටහනේ කොටසක් ලෙස මෙය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාර සේවා අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් ද ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සහ දරුවන්ගේ ජීවන තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා සහ ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා බොහෝ ප්‍රජා සුබසාධන ව්‍යාපෘති සිදුකර තිබේ. Take Heart Mercy Mission කණ්ඩායම සඳහා පහසුකම් සැලසීමක් ලෙසත් ශ්‍රීලංකන් කෙයාර්ස් ශ්‍රී ලංකාවේ අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා එවැනි වටිනා ප්‍රයත්නයන් රාශියක් ඉදිරියේදීත් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.