• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාධ්‍යවේදීන් වෙනුවෙන් සම්පූර්ණ නිදහස ලබාදී තිබෙනවා - අගමැති

pm december 4පසුගිය රජය යටතේ මෙරට මාධ්‍යවේදීගේ ජීවිත හා දේපළ නැති වී ගිය  අතර මේ  වන විට ඇති වී තිබෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තුළ සම්පූර්ණ මාධ්‍ය නිදහස ලබා දී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ දී ආරම්භ වූ අතර එහිදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවත්වනු ලබන මෙම සමුළුව මාධ්‍යවේදීන්ට ඉතා වැදගත්  බව පෙන්වා දුන් අගමැතිවරයා මේ සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය හිමිකරුවන් හා ප්‍ර‍ධානීන් තුළ ද උනන්දුවක් තිබිය යුතු බව ද පෙන්වා දුන්නේය.
 
අද වන විට සමාජ මාධ්‍යයන්හි ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඉතා සිඝ්‍රයෙන් ප්‍ර‍චලිත වී ඇති බැවින් සිය අදහස් ඕනෑම අවස්ථාවක ජනගත කිරීමේ හැකියාව මාධ්‍යවේදීන්ට ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී පැවසීය.

පසුගිය රජය කාලයේ දී මාධ්‍ය නිදහස අහිමි කළද 2015දී බලයට පත් වූ අප රජය ඕනෑම මාධ්‍යවේදියෙකුට සයිබර් හා සාම්ප්‍ර‍දායික මාධ්‍ය අවකාශය තුළින් තම අදහස් ප්‍ර‍කාශ කිරීමේ සම්පූර්ණ නිදහසක් ලබා දි තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී ද මෙම පූර්ණ මාධ්‍ය නිදහස ඇතිව කටයුතු කිරීමේ අවස්ථාව ස්ථාවර වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


යුනෙස්කෝ සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ Fanke La Rue මහතා විසින් වීඩියෝ පණිවිඩයක් ඉදිරිපත් කළේය.


යුනෙස්කෝ සංවිධානයේ මාධ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ගයි බර්ගර් මහතා මෙහිදී විශේෂ දේශනක් සිදු කළේය. ඒ මහතා මෙම අවස්ථාවට සහභාගි වෙමින් ප්‍ර‍කාශ කළේ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල නිදහස් මාධ්‍ය කෙතරම් දුරට භාවිතයේ යෙදවේද යන්න පිළිබඳවයි. ඒ අනුව මාධ්‍ය භාවිතය සහ දැනුම සමාජගත කිරීම ඉතා වේගයෙන් මාධ්‍ය හරහා සිදු වන අතර මෙහිදී සිදු වන ජනගත වීම අනුව ජනතාවගේ අදහස් හා පරිකල්පනයක්හි වෙනසක් ඇති කිරිමට සමත්ව ඇති බව ද ගයි බර්ගර් මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතා මහතා,  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

මාධ්‍ය නිවේදනය - 2019.10.15- ජනාධිපතිවරණය 2019- තැපෑලෙන් නිල ඡන්දය දීමේ පහසුකම් සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම

15 October 2019

මාධ්‍ය නිවේදනය - 2019.10.15- ජනාධිපතිවරණය 2019- තැපෑලෙන් නිල ඡන්දය දීමේ පහසුකම්...

මාධ්‍ය නිවේදනය- 2019.10.15

15 October 2019
මාධ්‍ය නිවේදනය- 2019.10.15

ගතවූ පැය 24 කාලය (2019.10.14 ප.ව.4.30 දක්වා ) තුළ මැතිවරණ...

මාධ්‍ය නිවේදනය - 2019.10.14- ජනාධිපතිවරණය 2019

14 October 2019

මාධ්‍ය නිවේදනය - ඡන්ද පොළේදී ඡන්දදායකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යයි

මාධ්‍ය නිවේදනය- 2019.10.14

14 October 2019

ගතවූ පැය 24 කාලය (2019.10.13 ප.ව. 4.30 දක්වා) තුළ මැතිවරණ...

මාධ්‍ය නිවේදනය - 2019.10.12 - ගත වූ පැය 24 තුළ (2019.10.11 ප.ව.4.30 දක්වා ) මැතිවරණ පැමිණිලි සාරාංශය

12 October 2019

ගත වූ පැය 24 තුළ (2019.10.11 ප.ව.4.30 දක්වා ) මැතිවරණ පැමිණිලි...

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.10.09

10 October 2019
අමාත්‍ය මණ්ඩල තීරණ 2019.10.09

2019.10.09 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ජන්ද විමසිම -2019

10 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ජන්ද විමසිම -2019 ගතවු...

මාධ්‍ය නිවේදනය 2019.10.09 - ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි ‌‌

09 October 2019

ගත වූ පැය 24 කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ...

මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය - ජනාධිපතිවරණය 2019

08 October 2019
 මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය  - ජනාධිපතිවරණය 2019

මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය - ජනාධිපතිවරණය 2019  

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019

08 October 2019

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019 2019.11.16...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

07 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම  පිළිබඳ ඡන්ද විමසීම - 2019...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

07 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019...

මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

06 October 2019
මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

වැඩවර්ජනවලින් ඉවත් වී බාධාවකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමට සහාය ලබාදෙන ලෙස...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo