• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අතිගරු භූමිභෝල් අදුල්යාදේ රජතුමාගේ අභාවය පිළිබඳ ජනපති සොව පළ කරයි

mithripalasirisenaඅතිගරු භූමිභෝල් අදුල්යාදේ රජතුමාගේ අභාවය පිළිබඳ  තමා අතිශයින් කනගාටුවට පත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“මේ කණගාටුදායක අවස්ථාවේ මාගේත්, රජයේත්, ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය තායිලන්ත රජය හා ජනතාව වෙත පළ කරමි.

තම රාජ්‍යයේ ජනතාව සඳහා දශක ගණනාවක් පුරා වෙහෙස නොබලා ඉටු කරනු ලැබූ පරාර්ථකාමී සේවාව වෙනුවෙන් අදුල්යාදේ රජතුමා මතකයට නැගෙනු ඇත.

එතුමා දුර දක්නා නුවණින් යුතු සංතෘප්ත ආර්ථික දර්ශනය, තායිලන්තය ලෝක ආර්ථිකයේ ගෞරවයට ලක්වන සාමාජිකයෙක් බවට පත් කරමින් දරිද්‍රතාවය තුරන් කිරීමට ප්‍රවේශයක් ගනු ලැබීය.

එය ආර්ථික සමෘද්ධිය වෙත රට ගෙන යාමේ මහත් පරිශ්‍රමකයට කැප වූ නායකයෙකුගේ  ප්‍රවේශයකි. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට තායිලන්ත රජු විසින් සපයන ලද අගනා දායකත්වය මා මේ අවස්ථාවේදී සිහිපත් කරන්නේ අතිශය ප්‍රශංසනාත්මකය.

තායින්ත ජනතාව හා ජාතියේ යහපත සඳහා පරාර්ථකාමී ලෙස තම ජීවිතය කැප කරමින් ලොව කැපී පෙනෙන නායකයින්ගේ කෙනෙකු බවට පත් වූ ආදරණීය රජුගේ අභාවය පිළිබඳව තායිලන්ත ජනතාව සමඟ ශ්‍රී ලංකාවේ අපි ද වැළපෙන්නෙමු.

රට තුළ, කලාපය තුළ හා ජාත්‍යන්තර වශයෙන් එතුමා සාමයේ, ස්ථාවරත්වයේ, එකතුවේ සම්මානිත සංකේතයක් ලෙස සේවයක් ඉටු කළේය. "

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.