• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රදර්ශනය විවෘත වෙයි

05 7ජාත්‍යන්තර මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ඊයේ (08) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර මුහුදු ආහාර සහ ඒ ආශි‍්‍රත නිෂ්පාදන ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන එක්ව මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කර තිබෙන අතර එය 09 සහ 10 දෙදින පුරා විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත් වේ.

ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා දෙස් විදෙස් මත්ස්‍ය හා මුහුදු ජීවී ආහාර ප‍්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළේය.

මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රවර්ධනය වෙනුවෙන් දිගු කලක් කටයුතු කළ නාරා ආයතනයේ නිලධාරින් වෙත සහතික පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, ධීවර අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.