• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හම්බන්තොට වරාය ගිවිසුම අද සිට ක්‍රියාත්මකයි

Hambanthota portශ්‍රී ලංකා රජය සමඟ එක්ව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් සමාගම සමඟ අත්සන් කෙරුණු හම්බන්තොට වරාය ගිවිසුම අද (9) සිට නිල වශයෙන් ක්‍රියාත්මක වේ.

එම වරාය ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 300ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරිණි.

හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරායක් ලෙස ක්‍රියාත්මක වන බවත් ජාතික ආණ්ඩුවක් ලෙස හම්බන්තොට වරාය දියුණු කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර වරායෙන් පිට ආර්ථික කලාපයක් ස්ථාපිත වන බවත් අගමැතිවරයා මෙහි පෙන්වා දුන්නේය.

හම්බන්තොට වරාය සංවර්ධනය තුළින් රුහුණු ආර්ථික කර්මාන්තට ශක්තිමත් ආර්ථික පදනමක් ඇති වන බව පෙන්වා දුන් අගමැතිවරයා ජනතාවට බරක් නැතිව හම්බන්තොට වරයා දියුණු කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

මෙම වරායෙන් ලැබෙන මුදල විදෙස් සම්පත් සංචිතයේ තැම්පත් කරන බවත් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් අගැමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීති ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, ආචාර්ය සරත් අමුණුගම, මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, චීන රජයේ නියෝජිතයින් සහ සමාගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.