• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2018 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

download 1සම්මුතිවාදී යහපාලන රජයේ නීල හරිත අයවැය 2018 අද (9) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 56ක් ලැබුණි.

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි හතර වැනි දිනය ලෙස අද විවාදය පැවැත්විණි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය නොවැම්බර් 09 දින අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව නොවැම්බර් 10 දින සිට 17 වැනි දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.  පසුගිය නොවැම්බර් 17 වැනි දින සිට දෙසැම්බර් 09 අද දින දක්වා අයවැය කාරක සභා අවස්ථාව යටතේ අමාත්‍යාංශවලට අදාළව වැයශීර්ෂ විවාදයට ලක් විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.