• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බිම්ස්ටෙක් කලාපීය තාක්ෂණ සහයෝගීතාවයේ පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකාව සූදානම්

presidentබෙංගාල බොක්ක අවට රටවල ආර්ථික සහ සහයෝගීතා සංවිධානය හෙවත් බිම්ස්ටෙක් කලාපය තුළ වෙළෙදාම ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා තාක්ෂණික දැනුම බෙදා හදා ගැනීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඒ සඳහා තාක්ෂණික සහයෝගීතා මූලස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත් කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් ආයතනයක් ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (16) ඉන්දියාවේ ගෝවා නගරයේ දී ආරම්භ කෙරුණු බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමිනි.

බි‍්‍රක්ස් සමුළුවට සමඟාමී ව පැවතී මෙම සමුළුවට ශී‍්‍ර ලංකාව, තායිලන්තය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, බංගලාදේශය යන බිම්ස්ටෙක් කලාපයට අයත් රටවල රාජ්‍ය නායකයින් එක්ව සිටී අතර, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමා විසින් සහභාගී වූ සියලූ රාජ්‍ය නායකයින් පිළිගනු ලැබීය.

එහිදී විශේෂ දේශනයක් සිදු කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ බිම්ස්ටෙක් රටවල් සමූහයේ සංවර්ධන සක්‍යතා වර්ධනය කර ගැනීමට මෙවැනි සහයෝගීතා සමුළු ඉතා වැදගත් බවයි.

සාර්ක් සහ ආසියානු කලාපය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් ප‍්‍රවර්ධනය කර ගැනිමට මෙම සමුළුව තුළින් හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කලාපය තුළ මානව ආරක්ෂාව ඉතා වැදගත් බවත් සියලූ ම ආකාරයේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා මැඩලීමට කලාපය එක්විය යුතු බවත් කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ අරමුණ දැනුම පාදක කරගත් තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය සියලූ සැලසුම් මේ වන විට ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක කරමින් පවතින බව ද කියා සිටියේය.

සමුළුවට සහභාගී වූ සියලූ රාජ්‍ය නායකයින්ගෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත විශේෂ පිළිගැනීමක් හිමි වූ අතර, එම සියලූ නායකයින් පෞද්ගලිකව ම ජනාධිපතිතුමා වෙත සිය සුබ පැතුම් පළ කිරීම ද විශේෂත්වයකි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.