• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සංවර්ධනයට MCC සහාය ශී‍්‍ර ලංකාව නැවැතත් දිනාගනී

da6e404ffe4f564e03d1f5edcae6a158 Lශී‍්‍ර ලංකාවේ තිරසාර සංවර්ධනය සදහා සහාය දක්වන ප‍්‍රධාන ඇමරිකානු නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් MCC ආයතනය තම ආධාර වැඩසටහන සදහා දෙවන වරටත් ශී‍්‍ර ලංකාව තෝරාගෙන ඇත.

පසුගිය දෙසැම්බර් 19 වැනි දින පැවැත් වූ එම ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය දැනුම් දී තිබුණි. මෙයට වසරකට පෙර මෙම ආධාර වැඩසටහනේ පළමු අදියර සදහා ශී‍්‍ර ලංකාව තේරී පත් වූ අතර එමගින් ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට ඉතා විශාල පිටුබලයක් ලැබුණි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර වැඩසටහන මගින් තෝරාගත් රටවල් සදහා පස් අවුරුදු කාල සීමාවක් තුළ විශාල වශයෙන් මුදල් ආධාර ලබා දෙනු ලබයි. නමුත් ඒ සදහා එම රටවල් විසින් යෝග්‍යතා නිර්ණායකයන් සපුරා තිබිය යුතු අතර යහපාලනය, ආර්ථික නිදහස සහ පුරවැසියන්ගේ ආයෝජන ආදිය සලකා බලනු ලබයි. ඒ අනුව ආයතනය විසින් ඉහත නිර්ණායකයන්ගේ කාර්යය සාධනය සදහා වාර්ෂික ලකුණු ලබා දීමේ ක‍්‍රමවේදයක් යටතේ මෙම රටවල් තෝරා ගැනීම සිදුකරයි.


මේ අනුව මෙම ආධාර වැඩසටහන සදහා ශී‍්‍ර ලංකාව දෙවන වරටත් තෝරාගෙන ඇති අතර ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් සුරැකීම, දූෂණය පිටු දැකීම, රජයේ ප‍්‍රතිපත්ති සැකැසීම සහ ප‍්‍රතිසංස්කරණයන් ගේ වේගවත් වර්ධනය සහ 2015 වර්ෂයේ සිට ශී‍්‍ර ලංකාව සහ ආයතනය අතර පවතින ශක්තිමත් බැදීම මේ තෝරා ගැනීම සදහා බලපා ඇත. ඒ අනුව මෙම තෝරා ගැනීම මගින් තිරසාර සාමය සහ ආර්ථික සෞභාග්‍යය ඉලක්ක කරගත් රජයේ ආර්ථික සහ දේශපාලනික ප‍්‍රතිසංස්කරණ තවදුරටත් වේගවත් කිරීමට මනා පිටුබලයක් ලෙස සළකයි.

දිළිදුකම තුරන් කිරීමේ සහ ශී‍්‍ර ලංකා පුරවැසියන් සදහා ආර්ථික අවස්ථා පුලුල් කිරීමේ සංවර්ධන ව්‍යාපෘති සදහා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම ශී‍්‍ර ලංකාව සමඟ අත්වැල් බැදගනිමින් ක‍්‍රියාත්මක විය. ඒ අනුව ශී‍්‍ර ලංකාවට අත්‍යවශ්‍ය ආයෝජන ව්‍යාපෘති හදුනා ගැනීම සහ විශ්ලේෂණයඇතුළත්ව සංවර්ධන වැඩසටහන් සදහා පසුගිය ජූලි මාසයේ දී ඩොලර් මිලියන 7.4 ආධාර මුදලක් ශී‍්‍ර ලංකාව වෙත ලබා දී තිබුණි. එම මුදල මුළු ව්‍යාපෘතිය සදහා ලබාදෙන මුදලට අමතරව මූලික අදියර සදහා පමණක් ලබා දුන් මුදලක් විය. විශ්ලේෂණයන්ට අනුව ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට අත්‍යාවශ්‍ය ලෙස හදුනාගත් ප‍්‍රවාහන සහ ඉඩම් සංවර්ධන යන ක්‍ෂේත‍්‍රයන්හි සංවර්ධන ව්‍යාපෘති සදහා ශී‍්‍ර ලංකා රජය සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය දැනටමත් එක්ව කටයුතු කරයි.

 2015 වර්ෂයේ දී මිලේනියම් චැලේන්ජ් කේාපරේෂන් හි මූලික ආධාර වැඩසටහන සදහා ශී‍්‍ර ලංකාව තේරී පත්විය. එම මූලික අදියර මගින් ආයතනයේ ආධාර වැඩසටහනට ළඟා වීමට අවශ්‍ය නිර්ණායක සපුරා ගැනීම සදහා ප‍්‍රතිපත්ති සහ කාර්යක්‍ෂමතාව වර්ධනය පිණිස රටවල් වෙත සූළු ප‍්‍රමාණයෙන් ආධාර ලබා දෙනු ලබයි.එයින් වසරකට පසුව සිට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රගතිය මත වඩාත් විශාල ආධාර වැඩසටහන් ලංකාව වෙත ලබා දීමට ඔවුන් කටයුතු කරමින් සිටියි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය එක්සත් ජනපද කොංග‍්‍රසය මගින් 2004 වර්ෂයේ දී ද්විපාර්ශවික සහයෝගය මත ආරම්භ කරන ලද සුවිශේෂ ආයතනයකි. මෙමගින් දීර්ඝ කාලීන උපදේශන සේවා සහිත හවුල් පදනමක් මත රටවල් සදහා ආධාර ලබා දෙනු ලබයි. රජය සහ විසින් මෙහෙයවන විසදුම් තුළින් දිළිදුකම තුරන් කරවීම සහ තිරසාර ආර්ථික සංවර්ධනයක් ලබාගැනීම සදහා මූලිකව මෙම ආධාර සපයනු ලබයි. මෙම ආධාර වැඩසටහන අනෙකුත් එක්සත් ජනපද සහ අන්තර්ජාති ආධාර වැඩසටහන් සදහා අනුපූරකයක් ලෙස සහ පෞද්ගලික ක්‍ෂේත‍්‍රයේ ආයෝජන සදහා සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීම සදහා සැළසුම් කර තිබේ. දැඩි අධීක්‍ෂණ ක‍්‍රියාවලියකින් යුතුව නිරීක්‍ෂණ සහ ඇගයුම් ක‍්‍රියාවලියක් හරහා ආධාර මුදල් භාවිතය පිළිබඳව හවුල් පාර්ශික රටවල් වගකීමට යටත් කිරීම ද සිදුවේ.


මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සභාපතීත්වය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් හොබවන අතර එහි සාමාජිකයන් ලෙස භාණ්ඩාගාර ලේකම්, ඇමරිකානු වෙළඳ නියෝජිතයන්,USAID සමාගමේ පරිපාලන නිලධාරී, මිලේනියම් චැලෙන්ජ්හි ප‍්‍රධාන විධායක නිලධාරියා ඇතුඵව පෞද්ගලික අංශයේ නියෝජිතයින් සිව් දෙනෙකුගෙන් ද සමන්විතය. මෙම සාමාජිකයන් සෙනෙට් සභාවේ අනුමැතිය යටතේ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබයි. මෙම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්හි ශී‍්‍ර ලංකා ශාඛාව අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය තුළ ස්ථාපිත කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.