• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම්

Putin and Heශී‍්‍ර ලංකාව තුළ අද සිදුවෙමින් තිබෙන පරිවර්තනය පිළිබඳ තමා ඉතා සතුටුවන බව ප‍්‍රකාශ කරන රුසියා ජනාධිපති ව්ලැඩිමියර් පුටින් මහතා ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බවට ජනපති හමුවේ සහතික වෙයි.

බි‍්‍රක්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගීවීමට ඉන්දියාවේ ගෝවා නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියා ජනාධිපති ව්ලැඩිමියර් පුටින් මහතා අතර විශේෂ හමුවක් පසුගිය (16) රාති‍්‍රයේ පැවැත්වුණු අතර එහිදී රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් රුසියානු ජනාධිපතිවරයා ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමීය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ රුසියාව ශී‍්‍ර ලංකාවට දැක්වූ කොන්දේසි විරහිත සහය වෙනුවෙන් මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා එම මිත‍්‍රශීලි සබඳතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

මේ අතර චීන ජනාධිපති ෂි ජිං පිංග් මැතිතුමා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ද ඊයේ (16) රාති‍්‍රයේ සිදු විය. මිත‍්‍රශීලි රාජ්‍යයන් ලෙස දෙරටේ සමීප සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙහිදී රාජ්‍ය නායක දෙපළ සාකච්ඡා කළ අතර චීන- ශ‍්‍ර‍්‍රී ලංකා මිත‍්‍රත්වයට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිත උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළහ.

ශී‍්‍ර ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් චීන රජය දක්වන සහය අගය කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්වයට වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ දී ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නැංවීමට ද චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය. මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් චීන රජය දක්වන දායකත්වය අගය කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ උපාය මාර්ගික සංවර්ධන කටයුතුවලට චීන රජයේ ආධාර යටතේ කි‍්‍රයාත්මකවන සංවර්ධන ව්‍යාපෘති මහත් ශක්තියක් බවද කියා සිටියේය.දෙරට අතර ආනයන, අපනයන කටයුතු තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව ද චීන – ශී‍්‍ර ලංකා නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.