• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගණකාධිකාරි III සේවයේ විභාගය නැවත පැවැත්වීමට දින නිමය කරයි

FirstAidExamශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ  සීමිත/විවෘත තරග විභාග නැවත ලබන ජනවාරී  27, 28 සහ පෙබරවාරී 03 යන දිනයන්හි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

2017 අප්‍රේල් 22,23 සහ 29 දිනයන්හි පැවැත්වූ මෙම විභාගය ඒ අනුව අවලංගු වන බව විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

කොළඹ සහ යාපනය විභාග මධ්‍යස්ථාන 57කදී මෙම විභාගය පැවැත්වෙන අතර  අයදුම්කරුවන් 8837 ඒ සඳහා පෙනී සිටීමට නියමිතය.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යවලින් විෂයන් 6කින් මෙම විභාගය පැවැත්වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.