• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගුවන් යානාවන් තුළ Samsung Note7 ජංගම දුරකතන රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම්

ipSrilankanLogoජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Samsung Note7 ජංගම දුරකතන ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් යානාවන් හි රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

මෙම තහනම පනවා ඇත්තේ මෙම උපාංග විදුලි බලය හා සම්බන්ධ වීමේ දී වාර්තා වූ  පිපිරීම් සිද්ධීන් කිහිපයක් පදනම් කර ගනිමින් ය.

ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගුවන් සමාගමේ ප්‍රධාන ම ප්‍රමුඛතාවය වන හෙයින් ගුවන් මගීන්ට මෙම උපාංග ගුවනේ රැගෙන යාම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන් ම නවතා දමන ලෙස උපදෙස් ලබාදී ඇති අතර, මේ සඳහා ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ සහාය ද ගුවන් මගීන්ට ලබාදී ඇත.

ගුවන් සමාගම විසින් මෙම සම්පූර්ණ තහනම පැනවීමත් සමඟ පිරික්සුම් කවුන්ටර වල පොස්ටර් ඇතුළු ගුවන් ගත වීමට පෙර ලබාදෙන නිවේදන හරහා ගුවන් මගීන් මේ පිළිබඳව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.