• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තෛපොංගල් උළෙල රජය ගන්නා උත්සාහය අර්ථවත් කරයි- ජනපති

HEකෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා යාමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන්නක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.



සම්පූර්ණ සුභපැතුම් පණිවුඩය,

ලෝක වාසී හින්දු ජනයා සොබාදහම වෙත සිය කෘතඥතාවය පළ කරනු වස් සමරන තෛපොංගල් උළෙළ නිමිත්තෙන් සුබපැතුම් එක්කරන්නට ලැබීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත්වෙමි.

මිනිස් සංහතිය ශිෂ්ටත්වය කරා පැමිණි ගමනේදී, කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි. වත්මනෙහි දක්නට ලැබෙන කාර්මික හා තාක්ෂණික දියුණුව හමුවේ ගැමි ප්‍රජාව ගොවිකම අතහැර නගර කරා ඇදී යමින් සිටින පසුබිමක වුව, අතීත සම්ප්‍රදායන් සුරැකීමටත්, එය සැමරීමටත් නිමිති සපයන තෛපොංගල් උත්සවය, මිනිස් සමාජයේ සංස්කෘතිය, සදාචාරය, මනුෂ්‍යත්වය, සමගිය හා සංහිඳියාව, බෙදා හදා ගැනීමට ඇති ලැදියාව මෙන්ම මිනිසා තුළ පවතින සත්ත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට මඟ සාදයි.

කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා යාමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අතරම එයට ශක්තිය සපයන අවස්ථාවක් වශයෙන් ද සැලකීමට කැමැත්තෙමි.

හින්දු ධර්මය අනුව දිවි ගෙවන දෙමළ ජනයා, තෛපොංගල් ‍සමය ඔවුන්ගේ නව වසරක උදාව ලෙසත්, නව අවස්ථා උදාකරන වසරේ ශුභාරම්භය ලෙසත් සලකති. එවන් සුබ මොහොතක අප රටේ මෙන්ම විදෙස් රටවල ද තෛපොංගල් සමරන හින්දු ජනයාගේ ජීවිත අර්ථවත් හා සෞභාග්‍යමත් වේවායි ප්‍රාර්ථනා කරන අතර, කෘෂි සංස්කෘතියේ ගැඹුරු හරයන් යළි යළිත් අප වෙත සමීප කරමින් තෛපොංගල් උළෙල සමරන බැතිමතුන් සමඟ එක්වෙමි.

මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති

නවතම පුවත්

මාධ්‍ය නිවේදනය - 2019.10.15- ජනාධිපතිවරණය 2019- තැපෑලෙන් නිල ඡන්දය දීමේ පහසුකම් සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම

15 October 2019

මාධ්‍ය නිවේදනය - 2019.10.15- ජනාධිපතිවරණය 2019- තැපෑලෙන් නිල ඡන්දය දීමේ පහසුකම්...

මාධ්‍ය නිවේදනය- 2019.10.15

15 October 2019
මාධ්‍ය නිවේදනය- 2019.10.15

ගතවූ පැය 24 කාලය (2019.10.14 ප.ව.4.30 දක්වා ) තුළ මැතිවරණ...

මාධ්‍ය නිවේදනය - 2019.10.14- ජනාධිපතිවරණය 2019

14 October 2019

මාධ්‍ය නිවේදනය - ඡන්ද පොළේදී ඡන්දදායකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යයි

මාධ්‍ය නිවේදනය- 2019.10.14

14 October 2019

ගතවූ පැය 24 කාලය (2019.10.13 ප.ව. 4.30 දක්වා) තුළ මැතිවරණ...

මාධ්‍ය නිවේදනය - 2019.10.12 - ගත වූ පැය 24 තුළ (2019.10.11 ප.ව.4.30 දක්වා ) මැතිවරණ පැමිණිලි සාරාංශය

12 October 2019

ගත වූ පැය 24 තුළ (2019.10.11 ප.ව.4.30 දක්වා ) මැතිවරණ පැමිණිලි...

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.10.09

10 October 2019
අමාත්‍ය මණ්ඩල තීරණ 2019.10.09

2019.10.09 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ජන්ද විමසිම -2019

10 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ජන්ද විමසිම -2019 ගතවු...

මාධ්‍ය නිවේදනය 2019.10.09 - ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි ‌‌

09 October 2019

ගත වූ පැය 24 කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ...

මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය - ජනාධිපතිවරණය 2019

08 October 2019
 මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය  - ජනාධිපතිවරණය 2019

මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය - ජනාධිපතිවරණය 2019  

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019

08 October 2019

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019 2019.11.16...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

07 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම  පිළිබඳ ඡන්ද විමසීම - 2019...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

07 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019...

මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

06 October 2019
මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

වැඩවර්ජනවලින් ඉවත් වී බාධාවකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමට සහාය ලබාදෙන ලෙස...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo