• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ජංගම සෞඛ්‍ය සායනයක් හෙට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව පවත්වනු ලබන ජංගම සෞඛ්‍ය සායනය හෙට (2018.10.25) දවස පුරා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සේවක සුබ සාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම ජංගම සෞඛ්‍ය සායනය නිරෝගිමත් රාජ්‍ය සේවක ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණින් පැවැත්වේ.

දෙපාර්තමේන්තු කාර්යාල මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඉලක්ක කර ගෙන පැවැත්වෙන මෙම සායනයේදී ඔවුන්ට නොමිළේ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙහිදි දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග හඳුනා ගැනීමේ රසායනාගාර පරීක්ෂණ, දන්ත සායන, වකුගඩු සායන, චර්ම රෝග සායනය, අක්ෂි සායනය, මානසික රෝග පිළිබඳ සායනය, සහ පිළිකා සායන ඇතුළු සෞඛ්‍ය සායන රැසක් පැවැත්වීමට නියමිතයි.

වෛද්‍ය උපදෙස් අනුව සායනයේදී නිකුත් කරනු ලබන බෙහෙත් වට්ටෝරු ලබා ගැනීමට ඔසුසලක්ද එදින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙනු ඇත.

 

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.